චන්ද්‍රිකා-එජාපෙ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීම අද (01) සිදු කෙරේ.

ගිවිසුම සඳහා අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද පෙරවරුවේ සිදු කෙරේ.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන් සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + fourteen =