මත්ද්‍රව්‍ය පරික්‍ෂාවට පොලිසියට නව රොබෝ යන්ත්‍ර 02ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 2ක් අද(01) සිට යොදාගනු ලබයි.

කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත්‍ 2ක් සවි කර තිබේ.

මෙම යන්ත්‍ර දෙක චීන රජයෙන් ලද පරිත්‍යාගයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

“robot inspection dog” ලෙසින් මෙම රොබෝ යන්ත්‍ර හඳුන්වයි.

මෙම උපකරණ මඟින් ගුවන්තොටුපල මගීන් හා ගමන් මළු පරීක්ෂාවට ලක් කරන අතර පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාවක් මෙම යන්ත්‍ර 2 සතුව පවති. මෙම එක් රොබෝ යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 8 හමාරක් වනු ඇත.

අද සිට පැය 24 පුරාම මෙම නව උපකරණ ද්විත්වය ක්‍රියාකාරී වන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *