මැක්ස්වෙල් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.

ඒ අනුව අද (01) ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරඟයට මැක්ස්වෙල් ක්‍රීඩා නොකරනු ඇත.

මැක්ස්වෙල්ගේ මෙම තීරණයට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත්, ඔහුගේ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමත් එකඟතාව දක්වා තිබේ.

31 හැවිරිදි මැක්ස්වෙල් 2012 වසරේ සිට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි 171ක් සදහා තරග කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායම්වල ප්‍රධානී බෙන් ඔලිවර් පැවසුවේ “අපගේ ක්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම ඉතා වැදගත්” බවයි. ඔලිවර් තවදුරටත් මෙසේ පැවසීය: “ග්ලෙන්ට අපගේ පූර්ණ සහයෝගය ඇත. ඔහු විශේෂ ක්‍රීඩකයෙක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පවුලේ වැදගත් කොටසක්. ගිම්හානයේදී ඔහු නැවත කණ්ඩායමට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *