එජාපය ඇතුළු පක්ෂ සහ චන්ද්‍රිකා අතර ගිවිසුමකට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සම්බන්ධ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමකට අද (01) අත්සන් තැබුණි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ කොළඹ දී අද (01) අවබෝධතා ගිවිසුමකට එළඹුනි. ඒ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *