කසල තේ කිලෝ 25000 ක් සමඟ දෙදෙනෙක් STF අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක පිටරට යැවීම සදහා සූදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 25,000 ක් අද(01) අත්අඩංගුවට ගෙන තිබේ.

එහි කළමණාකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *