මැතිවරණ පැමිණිලි 2,393 දක්වා ඉහළ යයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ සම්බන්ධ පැමිණිලි 2,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි ඊයේ (ෙ31) වන විට 2,393 දක්වා ඉහළ ගොස් ඇති බවය.

මේ අතර, ඊයේ (31) සවස 4.00 ට අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 143 ක් වාර්තා වී තිබේ. නීති උල්ලංගනය කිරීම් 138 ක් ඊට ඇතුලත්ය.

පැමිණිලි ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *