තායිලන්ත තම්ලුවාන් ගුහාව සංචාරකයන්ට යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරේ ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු අතරමංවූ තායිලන්ත තම්ලුවාන් ගුහාව සංචාරකයන් සඳහා යළි විවෘත කර ඇත.

පසුගිය සිකුරාදා මෙලෙස යළි එම ගුහාව යළි විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සංචාරකයන් දෙදහසකට වැඩි පිරිසක් පළමු දිනයේම එම ගුහාව නැරඹීමට පැමිණ තිබේ.

විවෘත කිරීමේ සමාරම්භක උත්සවය වනෝද්‍යානයේදී පැවැත්වුණේ භික්ෂූන්වහන්සේ සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.

දින 17 ක් ගංවතුරට ලක්ව ගුහාවේ අතරමංව සිටි ළමුන් මුදාගැනීමට කිමිදුම්කරුවන් 90 කට වැඩි පිරිසක් එක්විය. ජාත්‍යන්තර ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසුව ඔවුන් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකියාව ලැබුනි.

බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, වරකට පුද්ගලයින් 20 දෙනෙකුට ගුහාවේ පළමු කුටිය නැරඹීමට අවසර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 10 =