පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) –පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම් Patricia Scotland මහත්මිය ඊයේ(03) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය‍

නිතිපති දප්පුල ද ලිවේරා මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස් මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම් Patricia Scotland මහත්මිය ඇතුළු පිරිස පිළි ගන්නා ලදී.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම් Patricia Scotland මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(04) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසුරිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දරනු ලබන රටවල අධිකරණ අමාත්‍යවරුන් ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් සහභාගි වේ.

සමුළුව අද ආරම්භ වී නොවැම්බර් මස 08 වැනි දින දක්වා පැවත්වෙනු ඇත.

සමුළුව පැවැත්වෙන අදාළ කාල සීමාව තුළදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින නීති පද්ධතිය ,නීතින් පිළිබදව දැනුම හුවමාරුව, අධිකරණ පහසුකම් සංවර්ධනය නීතිමය සහයෝගිතාවය, සිවිල් නිති පද්ධතිය, දුෂණය නීති පද්ධතියේ විවිධත්වය ඇතුළු කලාපීය රටවල් අතර නීතිමය අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය.

දිවයිනට පැමිණිමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම්වරිය ඇතුළු නියෝජිතයින් පසුගිය අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා එල්ල වු ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුවාය.

එහිදී කතෝලික දේවස්ථානයේ ගරු ජුඩ් රාජ් පියතුමන් හමු වී සාකච්ඡාවක ද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *