රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය තම ආණ්ඩුවක් යටතේ අවම කරනවා – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) –රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවය තම ආණ්ඩුවක් යටතේ අවම කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පිළියන්දල ප්‍රදේශයේ පැවති ජන රැලියකට ඊයේ(03) එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර මහතා පවසා සිටියේ, “මේ රට හදමු-මේ රට හැදිය හැකි“ බවයි.

මේ රට හැඳිය නොහැකි නම් හැඳිය හැකි කිසිදු රටක් ලෝකයේ නොමැති බව මතක තබා ගත යුතු බවත් පැවසු ඒ මහතා, කෙසේ හෝ රටක් හැඳීමට නම් වංචාවෙන් හා දුෂණයෙන් තොර රටක් අවශ්‍ය බව කියා සිටියේය.

හොරෙක් රටක් හදන හැටි ලෝකයේ කොහේ හෝ තැනක අසා තිබේ දැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා, රටක් නොව ගෙදර ස්වාමියා හොරෙක් නම් ගෙදරට හෝ දියුණුවක් නොමැති බව පැවසීය.

එනිසා ලෝකයේ කොහෝ හෝ තැනක වංචනිකයන් රටක් හදා නොමැති බවත් කියා සිටි අනුර කුමාර මහතා, අපේ රට දුප්පත් වුවත් රට පාලනය කළ පාලකයා දුප්පත් නැතැයි ද සඳහන් කළේය.

ලෝකයේ දුප්පත් රටවල රට හා පාලකයා යන දෙකම දුප්පත් වුවත් ලංකාවේ පාලකයා දුප්පත් නැතැයි ද රටේ ජනතාව පත් කර ගන්නා පාලකයා මහජන දේපල කෝටි ගණනක් හොරකම් කරන බවත් අනුර කුමාර මහතා පැවසීය.

එනිසා රට හැඳීමට නම් හොරකමින් තොර ලංකාවක් සෑදිය යුතු බවත් කියා සිටි ඒ මහතා, රටේ ආදායම් බෙදී යෑමේ විශාල විෂමතාවයක් නිර්මාණය වී ඇතැයි ද කියා සිටියේය.

ආර්ථික විශ්ලේෂණ අනුව රටේ ධනය අතින් උඩින්ම සිටින සියයට 10 සමස්ථ ජාතික ධනයෙන් සියයට 38.4 ක් භුක්ති විඳින බවත් කියා සිටි අනුර කුමාර මහතා, පහලම සිටින ජනතාවට ලැබෙන්නේ සියයට 1.1 බවත් පැවසීය.

එනිසා රට ගොඩනැගීමට ආර්ථිකය අවශ්‍ය බවත් අනුර කුමාර මහතා, ඒ සඳහා වු දැක්ම තමා සතු බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =