ව්‍යාජ මුදල් සමඟ බෙලිඅත්තේ දී 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – තිහලුව, බෙලිඅත්ත ප්‍රදේශයේ දී කාර් රථයකින් ව්‍යාජ මුදල් ලබා දී අලෙවිසැල්වලින් භාණ්ඩ මිලදී ගනිමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 18ක්ද, ව්‍යාජ රුපියල් 1000ක නෝට්ටුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 13, 28, 50, 49ක් වන කටුබැද්ද හා බිංගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

එසේම මෙම සැකකරුවන් විසින් ව්‍යාජ මුදල් ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඉතිරි මුදල් ලබාගෙන තිබූ වලංගු මුදල් රුපියල් 65‍,000ක් හා ලබා ගෙන තිබූ භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අද(04) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *