සිදුකිරීමට නොහැකිවූ දේ සම්පුර්ණ කරන බව ඇමති සජිත් කියයි

(කොළඹ, ලංකාපුවත්) – රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ ජනසවිය වැඩසටහන තම පාලනයක් යටතේ සමස්ථ දිවයින පුරාම සිදුකරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දුප්පත්කම නැති කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළකළේ ඊයේ(03) රාත්‍රියේ ඇල්පිටියේ පැවැති ජනරැළියක් අමතමින්ය.

කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන ලබාදීම ඉදිරි ආණ්ඩුවකදී සිදුකරන බව ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 5 =