එජාපෙ ප්‍රමුඛ සන්ධානය උතුරේ කවර පක්ෂයක් සමඟ කිසිම ගිවිසුමක නෑ

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව අවධාරණය කළ අගමැතිවරයා ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන්නැයි උතුරු-නැගෙනහිර සියලු දේශපාලන පක්‍ෂවලට ආරාධනා කළේය.

යාපනයේ ඊයේ(03)පැවැති පොකුරු රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උතුරටත්, දකුණටත් පිළිගත හැකි සාධණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම විසින් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *