මැතිවරණ පැමිණිලි 2,770ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ සම්බන්ධ පැමිණිලි 2,770ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙම පැමිණිලි අතරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පැමිණිලි 2651ක් ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 24ක් පැමිණිලි ලැබී ඇත.

එසේම ඊයේ (04) සවස 4.00 ට අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 98ක් වාර්තා වී තිබේ. නීති උල්ලංගනය කිරීම් 138 ක් ඊට ඇතුලත්ය.

පැමිණිලි ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *