පළාත් 05කට තද වැසි – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කුරුණෑගල, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 1.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවති.

ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන් වේ.

මේ අතර දිවයිනට ඊසාන දෙසින්වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ 12.6, 91.2E ආසන්නව අඩු පීඩන තත්ත්වයක් වර්ෂනය වී ඇති අතර එය ඉදිරි පැය 06තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි පැවසේ. එම මුහුදු ප්‍රදේශයේ තද වැසි සමඟ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 5 =