කුඩු ජාවාරමුන් 24කගේ කෝටි දහස් ගණනක දේපළ රාජසන්තකයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් 24කට අයත් රුපියල් කෝටි දහස් ගණනක දේපළ රාජසන්තක කිරීමට රහස් පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ විදෙස් ගතව සිටින රතු නිල් සහ කොළ නිවේදනවලට යටත්ව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 24කගේ දේපළ මෙසේ රාජසන්තක වන බවයි.

ඒ සමඟම පසුගිය මාස කිහිපයේ පමණක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු වැටලීම් අංශ මගින් හෙරොයින් කිලෝ එක්දහස් හයසිය තිස් අටක් සමඟ සැකකරුවන් තිස්නවදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාකීය. රාජසන්තක කරන එම ජාවාරම්කරුවන්ට අයත් කෝටි දහස් ගණනක එම දේපළ මේ වන විට රහස් පොලීසිය මඟින් හඳුනාගෙන තිබේ.

මෙරට තිබෙන දේපළවලට අමතරව විදෙස් රටවල ද මෙම ජාවරම්කරුවන්ට කෝටි දහස් ගණනින් දේපළ ඇතත් මේ යටතේ දැනට රාජසන්තක වන්නේ මෙරට තිබෙන ඔවුන්ට අයත් බවට හඳුනාගෙන ඇති අතිවිශාල දේපළය.

රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින නීති මගින් කටයුතු කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරවන් කිහිප දෙනකුගේ දේපළ ද මීට අයත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *