ශ්‍රීලනිපය සුරැකී‍මේ සංවිධානය අද විශේෂ සමුළුවක් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නමැති කණ්ඩායම විසින් අද(05) විශේෂ සමුළුවක් කැඳවා තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ එය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුසාශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එම සමුළුවේ මූලිකත්වය ගන්නා බව වාර්තා වේ.

කෙසේවුව ද එම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(04) සදහන් කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ.

එම පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 7.00 මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය. එහිදී පක්ෂයේ විනය නීති රීති උල්ලංඝණය කළ සාමාජික සමාජිකාවන් සම්බන්ධයෙන් සමාලෝචනය සිදු කරන බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *