ගෑස් හිඟය මේ සතියෙන් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –කිසිදු හිඟයකින් තොරව මේ සතියේ සිට ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව මුදල් අමාත්‍යාංශයේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

ගෑස් මිල අඩු වීම හේතුවෙන් විශාල ඉල්ලුමක් ඇති වීම, සෞදි අරාබි කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සහ අයහපත් කාලගුණය හේතුවෙන් නැව් ගමනාගමනයට බාධා එල්ල වීම යන කරුණු මත මෙම ගෑස් හිඟය ඇති වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අවශ්‍ය ගෑස් තොගද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 75,000 සිට 100,000 දක්වා ඉහළ නඟිමින් පවතින බැවින් ගෑස් හිඟය අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව ලිට්රෝ ගෑස් සමාගම පැවසීය. එහි අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කර සිටියේ ඉදිරි දින කිහිපය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 15,000ක් නැව් මඟින් දිවයිනට ළඟා වීමට නියමිත බවයි. තවද සිය දෛනික ගෑස් නිකුතුව සියයට 35කින් ඉහළ දමමින් ගෑස් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පැවසීය. එහි ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම මහතා කියා සිටියේ ඉදිරියේදී මෙවැනි ගෑස් හිඟ ඇති වීම වැළැක්වීම සඳහා ගෑස් ටොන් 27,000ක පමණ ආරක්ෂිත ගෑස් තොගයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

මේ අතර දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 75,000 සිට 100,000 දක්වා ඉහළ නඟිමින් පවතින බැවින් ගෑස් හිඟය අවසන් කිරීමට කටයුතු කරමින් සිටින බව ලිට්රෝ ගෑස් සමාගම පැවසීය. එහි අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කර සිටියේ ඉදිරි දින කිහිපය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 15,000ක් නැව් මඟින් දිවයිනට ළඟා වීමට නියමිත බවයි. තවද සිය දෛනික ගෑස් නිකුතුව සියයට 35කින් ඉහළ දමමින් ගෑස් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව ලාෆ් ගෑස් සමාගම පැවසීය. එහි ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම මහතා කියා සිටියේ ඉදිරියේදී මෙවැනි ගෑස් හිඟ ඇති වීම වැළැක්වීම සඳහා ගෑස් ටොන් 27,000ක පමණ ආරක්ෂිත ගෑස් තොගයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 15 =