මහේල – සංගාගේ Ministry of Crab බැංකොක් නුවරට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන , කුමාර් සංගක්කාර සහ දර්ශන මුණිදාස විසින් ආරම්භ කරන ලද Ministry of Crab අවන්හල් ජාලයේ නවතම ජාත්‍යන්තර ශාඛාව තායිලන්තයේ බැංකොක් නුවර දී විවෘත වීමට නියමිතය.

එළඹෙන දෙසැම්බරයේ දී නව ශාඛාව විවෘත කිරීමට ඔවුන් විසින් කටයුතු යොදා ඇත.

කොළඹ, ෂැංහයි, මැනිලා, මුම්බායි හා මාලදිවයිනේ Ministry of Crab ශාඛා අරඹනු ලැබීය.

2015 සිට මේ දක්වා ආසියාවේ හොඳම අවන්හල් 50 අතර සිටින Ministry of Crab, 2019 වසරේ දී එහි 35 වන තැන දක්වා ඉහළට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් බැංකොක් අවන්හලේ සංවිධායකයින් පවසන්නේ කොළඹ දී මෙන්ම කිලෝ ග්‍රෑම් 2 mud crabs හා ග්‍රෑම් 600 tiger prawns මෙහිදී අත්විඳිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *