අන්තර්ජාලයේ වැඩිපුරම සෙවූ ක්‍රීඩකයා විරාත් කෝලි

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලයේ වැඩිපුර ක්‍රීඩා ලෝලීන් සෙවූ ක‍්‍රිකට් කී‍්‍රඩකයා බවට ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි පත්ව තිබේ.

මෑතක දී සිදු කළ අධ්‍යයනයකදී මේ බව අනාවරණය වී ඇත.

අවස්ථා ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් ඔහු පිළිබඳ ගෝලීය වශයෙන් අන්තර්ජාලයෙන් සොයා ඇති බව හෙළිව තිබේ. පසුගිය කාලයේ ඔහු ප‍්‍රදර්ශනය කළ දක්ෂතා ද ඊට හේතුවක් බව සදහන් වේ.

හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා පිළිබඳව ද අවස්ථා ලක්ෂ 10කට ආසන්න ප‍්‍රමාණයක් සොයාබලා තිබේ. 2018 සංඛ්‍යාලේඛන හා සසඳන විට මෙම ක්‍රීඩකයින් කෙරෙහි ඇති උනන්දුව 2019 දී 1.5 ගුණයකින් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම ඉන්දිය ක‍්‍රිකට් කණ්ඩායම වැඩිම වාර ගණනක් අන්තර්ජාලයේ සෙවූ කණ්ඩායම බවට ද පත්ව ඇත. කෙසේ වෙතත්, 2018 දී වැඩිම සෙවුම් කළ කණ්ඩායම වූයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. තෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම විසින් පසුගිය වසර දෙකේදීම ලබාගෙන තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *