කොම්පඤ්ඤවීදියේ නිවසක පුද්ගල ඝාතනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ 02 ධර්මපාල මාවතේ පිහිටි නිවසක් තුළ පුද්ගලයෙක් පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ(05) රාත්‍රී 09.15ත් 09.40 අතර කාලය තුල මෙම ඝාතනය සිදුව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවිඩයක් මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචි මනෝජ් සුදර්ශන පෙරේරා නැමැති අයෙකි.

මෙම ඝාතනය සිදු කල සැකකරු හදුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *