මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් සජිත්ගෙන් ජාතික පෝෂණ ප‍්‍රතිපත්තියක්

(කොළඹ, ලංකාපුවත්) –මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බදුල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් බදුල්ල වැලිමඩ ප්‍රදේශයේදී පැවැත්වුණි. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා. පැමිණ සිටි ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාට මෙහිදී උණුසුම් ප්‍රතිචාර හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =