එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 02ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ(06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුටව ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ගිනිගත්හේන පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඊයේ පස්වරු 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේ දීය. එස්.බී.දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධාකර තිබේ. පසුව, පිටුපසින් පැමිණි රථයේ සිට ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු කරවනැල්ල රෝහලටද, සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් ගිනිගත්හේන රෝහලට ද ඇතුළත් කෙරිණ. සිද්ධිය සම්බන්ධයෙන් පිස්තෝල දෙකක් පොලිස් බාරයට ගෙන ඇති අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු 3ක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *