ජූලම්පිටියේ අමරේ පෝරකේට

(කොළඹ, ලංකාපුවත්) – මීට වසර හතකට පෙර එනම් 2012 වසරේ දී කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු වූ මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී. ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කළේය.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව ජුලම්පිටිය අමරේ පසුව පොලිසිය භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *