පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි සියයක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය පැය 24 දි මැතිවරණ පැමිණිලි සියයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පැමිණිලි ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටය. නීති උල්ලංඝණය කිරිම් 98 ක් ඊට ඇතුලත්වේ.

පසුගිය ඔක්තෝබර් 08 වනදා සිට මේ දක්වා වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 3083 ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *