පාදුක්කේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පාදුක්ක පොලිස් වසමේ ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක්(තැබෑරුමක්) තුළ සිට පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ(07) රාත්‍රි 09.00ත් 09.30ත් අතර කාලයේදි මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි වැදුණු පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මියගොස් ඇත්තේ ගලගෙදර සමනළ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි දර්ශන ලසන්ත නැමැති අයෙකි.

මෙම ඝාතනය සිදුකළ පුද්ගලයන් සොයා පාදුක්ක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *