“ අභිමාන ” නමින් ලෝයල්ටි කාඩ්පතක් සතොස පාරිභෝගිකයන්ට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවිසැල් ජාලය වන ලංකා සතොස “අභිමාන” නමින් තම ලෝයල්ටි කාඩ්පත පාරිභෝගිකයින් වෙත හදුන්වා දෙයි.

අද (08) සවස බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේදී උත්සවාකාරයෙන් අභිමාන ලෝයල්ටි කාඩ්පත එළිදකි. සතොස පාරිභෝගිකයන්ට එමගින් සුවිශේෂී වට්ටම් රැසක් ලබාගැනීමට අවස්ථාව ලැබේ.

දේශයේ මිල තීරකයා ලෙස කටයුතු කරන ලංකා සතොස ආයතනය වර්තමානයේ අලෙවිසැල් 423කින් සමන්විත ලංකාවේ විශාලතම අලෙවිසැල් ජාලයවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *