ජාතික සහ කලාපීය ආරක්ෂාවේදී මෙරට ආරක්ෂක අංශවල කැපවීම ප්‍රශංසනීයයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආරක්ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරුණු නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.
නව යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබීය.

ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර නව යුද හමුදා මූලස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි ආකෘතිය ද නිරික්ෂණය කරනු ලැබීය.

පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දින ය. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක ය. අතිනවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය.

සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙහි ඉදිකිරීම් කඩිනම් කෙරුණු අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු අතිනවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට ආසන්න මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාවේ දී මෙන්ම රටේ භෞතික සංවර්ධනයේ දී සහ මහජන සුබසාධන කටයුතුවලදී ද ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය ගෞරව පූර්වකව සිහිපත් කළේය.

සිය පස් වසරක ධුර කාලය තුළදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කළ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ තමා වෙත ලබාදුන් විශිෂ්ට දායකත්වයට ස්තුතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

නිලධාරින් වෙත සේවාභිමානී සහ සිවිල් කාර්ය මණ්ඩල වෙත සේවා පදක්කම් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ශාන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *