පත්කර ගන්න පාලකයාගෙන් ප්‍රශ්න කිරීමේ සාධාරණ අයිතියක් ජනතාව සතුයි

(කොළඹ, ලංකාපුවත්) –පාලකයින්ගේ ප්‍රශ්න කිරීමේ සාධාරණ අයිතියක් මහජනතාවට පවතින බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ඊයේ කොළඹ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු අනුර කුමාර මහතා කියා සිටියේ, රට වෙනුවෙන් පාලකයෙක් පත් කර ගන්නේ නම් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇති බවයි.

ලංකාව තුළ එවැනි සංස්කෘතියක් නිර්මාණය විය යුතු බවත් පැවසු ඒ මහතා, රටේ ඕනෑම දර්ශනයක් සංසන්දනය කර බැලීමේ දී අපි දුප්පත්භාවයට ළඟම රටක් බව ද පැවසීය.

රටක් දුප්පත්භාවයට පත් වු විට වැළැක්විය නොහැකි ලෙස ඒ රටේ ජනතාව ද දුප්පත්භාවයට පත්වන බව සඳහන් කර සිටි අනුර කුමාර මහතා, දුප්පත්කම යනු මුදල් නැතිකම පමණක් නොවන බවද කියා සිටියේය.

තම ආර්ථික සැලැස්ම සකස් කර ඇත්තේ, රටක් පොහොසත් කරන්නේ කෙසේ ද හා දුප්පත්භාවයේ ගිලී සිටින ජනතාව එයින් මුදවා ගන්නේ කෙසේ ද යන කරුණු මත බව සඳහන් කර සිටි ඒ මහතා, එයට අදාළ දැක්මක් හා සැලැස්මක් ඉදිරිපත් කර ඇතැයිද පැවසීය.

රාජ්‍ය අංශය අවම වශයෙන් ජනතාවට සැපයිය යුතු සේවාවන් 3 ක් ඇති බවත් සඳහන් කර සිටි අනුර කුමාර මහතා, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ඒ තුන බවත් කියා සිටියේය.

මෙරට අධ්‍යාපනයට නව පරිවර්තනයක් අවශ්‍ය බවත් එයට අවශ්‍ය යෝජනාවක් ඇතුළත් කර ඇති බවත් එමෙන්ම ප්‍රවාහනය සඳහා සියයට 52 ක් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන ජනතාව වසර 5ක් යන විට අවම වශයෙන් සියයට 80 ක් හෝ පොදු ප්‍රවාහනයට යොමු කර ගත යුතු බවත් අනුර කුමාර මහතා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *