අද සහ හෙට කොළඹ දූලි අංශු ප්‍රමාණය ඉහළයාමක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද දිනයේ අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන බවය. මෙම තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල පවතින දූවිලි සහිත තත්ත්වය පිළිබද බිය විය යුතු නැති බව සදහන් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − seven =