විදෙස් නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා මේවන විට දිවයිනට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (13) පැවැත්විමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා විදේශීය නිරීක්ෂකයින් 17 දෙනෙකුට මෙරටට පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආරාධනය කර තිබේ. ඉන්දියාව, භූතානය, මාලදිවයින, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් නියෝජනය කරමින් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

විදේශීය නිරීක්ෂකයින් 200කට ආසන්න පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා සහභාගීවිමට නියමිතය.

ඇන්ෆ්‍රල් සංවිධානය, යුරෝපා කොමිසම ඇතුළු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් මෙම නිරීක්ෂකයින් දිවයිනට පැමිණ සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 14 =