අපේක්ෂකයින් 35 දෙනා හෙට මැතිවරණ කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට හෙට (14) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට අපේක්ෂකයින්ට දැනුම් දී ඇත.

ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *