ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටේ

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් නිකුත් වී තිබේ.

අනතුරින් 16 දෙනෙකු තුවාල ලැබීය.

මෙම දුම්රිය දෙක පෙරේදා(11) ගැටී ඇත්තේ, තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේ කචෙගුඩා දුම්රිය ස්ථානයේදීය. දුම්රියේ සිටි සිය ගණනක මගීන් අනතුරෙන් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.

සිද්ධියට මුහුණ පෑ එක් දුම්රිය රියදුරෙකු ඉන් ගලවාගෙන ඇත්තේ පැය 08ක දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි. අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ඉන්දීය දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *