ඉන්දියාව එල්.ටී.ටී.ඊ. තහනම තවදුරටත් දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය එරට විනිශ්චය සභාවක් විසින් තහවුරු කර ඇත.

මෙම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම වසර 5 කින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පියවර ගත් අතර, ඇතැම් පාර්ශවවලින් ඊට විරෝධය එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුව විනිශ්චය සභාවක් ස්ථාපනය කරනු ලැබීය.

දිල්ලි මහාධිකරණ විනිසුරු සංගිතා දින්ග්‍රා ෂෙගාල්ගේ මූලිකත්වයෙන් යුතු එම විනිශ්චය සභාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම වසර 5 කින් දීර්ඝ කිරීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය විමසා බැලීය.

ඒ අනුව මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය නිවැරැදි යැයි එම තීරණය තවදුරටත් තහවුරු කරමින් විනිශ්චය සභාව මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී තිබේ.

1991 වසරේදී ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාගේ ඝාතනයත් සමග එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ඉන්දියාව කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *