ගොවි පවුල්වලින් ව්‍යවසායකයන් බිහි කිරීමට කටයුතු කරනවා

(කොළඹ, ලංකාපුවත්) – ගොවි පවුල්වලින් ව්‍යවසායකයන් බිහි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බවත් දේශිය එළවළු මැදපෙරදිගට විකිණිමට අදාළ රජයෙ මැදිහත්වීමක් කරන බවද රාජපක්ෂ මහතා පැවැසීය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසින් මිනුවන්ගොඩ නගරයේදී ඊයේ (12) පැවැති ජන හමුවට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අඳහස් පළ කෙළේය.

මේ තුළින් තරුණ පරම්පරාව කෘෂිකර්මය දෙසට යොමු කරන්න අපට පුළුවන්. අනෙකුත් අපනයන භෝග වගාවන් දියුණු කරන්නත් අපි කටයුතු කරනවා. තේ, රබර් වැනි අපනයන භෝග සියල්ලක්ම අද මේ රජයේ අදූරදර්ශී වැඩ නිසා විනාශ වෙලා තිබෙනවා. විශේෂයෙන් ගම්මිරිස් ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා පිටරටින් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙන ඒම නතර කරනවා. අපි ගුණාත්මක බවෙන් වැඩි ගම්මිරිස් නිෂ්පාදනය සඳහා පර්යේෂණ කරන්න ඕනේ. රෝග නිවාරණ ක්‍රම, අසුරන ක්‍රම දියුණු කරලා සිලෝන් ටී වලට වගේ සිලෝන් පෙපර් වලට නාමයක් ලබාගැනීමට අපි රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *