පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් 19ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පේරු රාජ්‍යයේ නැගෙනහිර කොටසේ ඇති කන්දකින් මෙම බස් රථය පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථය මීටර් 300 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇත. මෙම අනතුරින් බස් රථයේ සිටි තවත් මගීන් 25දෙනෙකු තුවාල ලබා ඇත. පේරු රාජ්‍යයේ පවතින අයහපත් මාර්ග නඩත්තුව හේතුවෙන් නිරන්තරයෙන් අනතුරු වාර්තා වේ. කෙසේ නමුත් බෙරළු සහිත මාර්ගයක සිදු වූ මෙම අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *