සියලුම රෝහල්වලට අලුතෙන් රුධිර කාන්දු පෙරණ යන්ත‍්‍ර

(කොළඹ, ලංකාපුවත්) – සියලු රෝහල් සඳහා රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

ජර්මනිය සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒ අනූව මෙම වැඩපිළිවෙල ලබන වසර තුළ ක‍්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍ය සේවාවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරිමට රජය පියවර ගණනාවක් ගෙන තිබේ.

වකුගඩු රෝගි ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරන ලබදිමත් ඒ අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *