වායු දූෂණය නිසා නවදිල්ලියේ පාසල්, කර්මාන්තශාලා වසයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් ප්‍රාන්තයේ පාසල් හා කර්මාන්තශාලා රැසක් හෙට (15) දිනය දක්වා වසා දමා ඇත.

ඉන්දියාවේ පර්යේෂකයන් කියා සිටියේ නවදිල්ලියේ වායු දූෂණය උපරිම තත්ත්වයට පැමිණ ඇති බවයි.

මෙම වායු දූෂණය හේතුවෙන් නවදිල්ලි නුවර වාහන ගමනාගමනය ද සීමා කර තිබේ.

කෙසේවෙතත්, මෙම තත්ත්වයෙන් මිදීම සඳහා සහය ලබාදෙන ලෙසට ඉන්දියාව, ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අධික වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ පෙනහළු ආශ්‍රිත රෝග ඉහළ යාමේ දැඩි අවධානමක් ද පවතින බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *