ඉතාලියේ වෙනීසියට වසර 50කට පසු වාර්තාගත ජල ගැල්මක්

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ සුප‍්‍රකට වෙනිස් නගරයට වාර්තා ගත ජල ගැලීම් තත්ත්වයක් බලපා තිබේ.

ඉකුත් දා ඉතාලියට බලපෑ කුණාටු තත්ත්වය හා වර්ෂාපතනයත් සමග මෙම තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තාවේ.

වෙනීසියේ ඇතැම් ස්ථානවල ජල මට්ටම මීටර් 1 . 87 ක ප‍්‍රමාණයක්(අඩි හයක මට්ටමක්) දක්වා ඉහළ ගොස් ඇත. වසර 50කින් ප්‍රදේශය වෙත බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයද මෙය බව ද සදහන් වේ.

වෙනීසියේ සමස්ත නගරයෙන් සියයට 15ක පමණ ප්‍රදේශයක් මුලුමනින්ම පාහේ යටවී ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ආපදාකාරී තත්ත්වය හමුවේ විදේශියකයින් රැසක් ද පීඩාවට පත්ව ඇති අතර හදිසි අනතුරු නිසා සිදුවූ පුද්ගල මරණ 02 ක් ද වෙනීසියෙන් වාර්තා වේ. පිටාර ජලයෙන් මාර්ග යටවී ඇති බැවින් ලීවලින් සාදනු ලැබූ තාවකාලික පාලම් භාවිත කිරීමට සංචාරකයන්ට සිදුව ඇත.

ගංවතුර තත්ත්වය යටතේ සංචාරක ආකර්ෂණයක් වූ ශාන්ත මාර්ක් චතුරස්‍රය ද ජලයෙන් යටවී තිබේ.

වෙනිස් නගරයට ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *