කොළඹ අවට වායු ගෝලයේ අහිතකර වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අවට වායු ගෝලයේ පවතින අහිතකර වායු මට්ටම අද (14) මධ්‍යාහ්නය වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

වායු ගෝලීය තත්ත්ව දර්ශක මට්ටම 100 – 150 ක අගයක පවතින අතර මෙහි බලපෑම එතරම් විශාල නොවන නමුත් සෞඛ්‍යමය වශයෙන් දැඩි සංවේදී පිරිස් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් ලෙස ද ඒ මහතා ජනතාව වෙත දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *