ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්ථානගත නිරීක්ෂකයින් 3000ක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්ථානගත නිරීක්ෂකයින් තුන්දහසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ජංගම නිරීක්ෂකයින්ද විශාල පිරිසක් යොදවා ඇති බවයි.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සහ තෝරා ගත් ප්‍රදේශවල ද මැතිවරණ නිරීක්‍ෂණ රථ යෙදවීමට පියවර ගෙන ඇත.

එසේම ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්‍ෂණය කිරීම සදහා ද මෙවර මැතිවරණ කොමිෂන් සභාව, පැෆරල් සංවිධානයට අවස්ථාව ලබා දී ඇති අතර ඒ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි නිරීක්‍ෂකයින් 150දෙනෙක් යෙදවීමට කටයුතු කෙරන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *