නිකලස් පූරන්ට තරග 4ක් තහනම්

(කොළඹ, ලංකාපුවත්) –බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු නිකලස් පූරන්ට විස්සයි20 තරග 4ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

පසුගියදා ඉන්දියාවේ දී ලක්නව් හිදී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කළ බවට ඔහුට චෝදනා එල්ල විය.

එලෙස තරගයක් අතරතුරදී පන්දුව පළුලු කිරීම අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.14 වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත් එය අයි.සී.සී නීති සංග්‍රහයට අනුව තෙවැනි කාණ්ඩයේ වදරක් බවත් සඳහන් වෙයි.

තවමත් විස්සයි20 තරග 14කට පමණක් සහභාගිවී ඇති මේ 24 හැවිරිදි යොවුන් ක්‍රීඩකයා තම වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට මේ තරග 4ක තහනම පනවා ඇති අතර ඊට අමතරව ඔහුට එරෙහිව දඬුවම් ලකුණු 5ක් ලබාදීමටද අයි.සී.සී. ය කටයුතු කර තිබේ.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල අද (14) සිට ඉන්දියාවේදී ඇෆ්ගනිස්තානය සමගින් ආරම්භ කරන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය සහ ඉන්දියාව සමග පැවැත්වෙන පළමු විස්සයි20 තරගය ද පූරන්ට අහිමි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *