පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්ජ වීමෙන් පසු අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

තවද ජනාධිපතිවරණ නිහඩ කාල සීමාව තුළ මුදල් ගෙවා සිදු කරන ප්‍රචාරණ වළක්වැන්නයි ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

නිහඩ කාල සීමාව තුළදී ප්‍රචාරණ කටයුතු සිදුකිරීමෙන් වළකින්නැයි උපකාරක පංති ගුරුවරුන්ගෙන් ද මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියේය.

මැතිවරණ ප්‍රතිඵල යූ ටියුබ් හා ෆේස්බුක් ඔස්සේ ගෙන ඒමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කළ අතර එම වැඩපිළිවෙල පිළිබඳව එම අවස්ථාවට එක් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා විසින් පැහැදිළි කළේ ය.

නිල ඡන්ද ප්‍රතිඵල ලද සැණින් ඊ-මේල් හරහා සියලු මාධ්‍යයන්ට යොමු කරන බවත් රජයේ නිල පුවත් වෙබ් අඩවිය නෙව්ස්.ල්ක් සහ යූ ටියුබ් , ෆේස්බුක් හරහා සජිව විකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට ක්‍රියාත්මක කරන බවද කළුවැව මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *