ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –ෆේස්බුක් සමාගම විසින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවත් කිරීමට කටයුතු කළ බව එම සමාගම සදහන් කරයි.

ව්‍යාජ තොරතුරු හුවමාරු කළ ෆේස්බුක් ගිණුම් මෙසේ අත්හිටුවීමට කටයුතු කර ඇත.

මෙම වසරේදී පමණක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සකස් කිරීමට උත්සාහ දරා ඇති බව එම සමාගම පෙන්වා දෙයි. එම ගිණුම් වැළැක්වීමට ද ක්‍රියා කර තිබේ. මේ සඳහා ඉදිරියේදී තවදුරටත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද එම සමාගම පවසයි.

බිලියන 2.5 කට ආසන්න මාසික ෆේස්බුක් පරිශීලක සංඛ්‍යාවෙන් 5% ක්ම ව්‍යාජ ගිණුම් වලින් සමන්විත බවද අනාවරණය කර ඇත.

මෙම තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍යවල ව්‍යාජ හා නොමග යවන සුළු අන්තර්ගත රැල්ලක් සඳහා පෙළඹී ඇතැයි ද ෆේස්බුක් සමාගම පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *