ඡන්ද ප්‍රථිපල නැරඹීමට සියලු රැදවියන්ට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයේ ප්‍රථිපල රූපවාහිනිය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව සියලු බන්ධනාගාර රැඳවියන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇත.

ඔවුන් රදවා සිටින සිර මැදිරි ආශ්‍රිතව සවිකර ඇති රූපවාහිනී යන්ත්‍රවලින් මෙම ප්‍රතිඵල සජීවිව සිරකරුවන්ට නැරඹිය හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

බන්ධනාගාර නීතිරීතිවලට අනුව එම කටයුතු සිදුවන බවත්, බන්ධනාගාරවල සිටින දඬුවම් නියම වූ සහ සැක සිරකරුවන්ට ,ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරය මෙන්ම මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා පත්වන ආකාරය පිළිබද දැනගැනීමේ අයිතිය ලබා දීම අනුව මෙම පියවර ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *