දුම්රිය කිහිපයක කාල සටහන් සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබේ.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන අතර කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන වේලාව පෙරවරු 6.15 ලෙස සංශෝධනය කර ඇත.

සංශෝධිත කාල සටහනට අනුව එම දුම්රිය සවස 3 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත වේ.

පස්වරු 2 යි 15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලූ කුමාරි දුම්රිය සංශෝධිත කාල සටහනට අනුව පස්වරු 1 යි 35ට ගමන් ආරම්භ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *