පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රී 12ට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය හෙට (16) මධ්‍යම රාත්‍රී 12ට පමණ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එම ඡන්ද ප්‍රතිඵලය තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ද නැති නම් ආසනයක ප්‍රතිඵලයක් දැයි තමන්ට සඳහන් කළ නොහැකි බවද මහින්ද දේශප්‍රිය මහතා කීය. මුලින්ම ලබාදෙන ඡන්ද ප්‍රතිඵලය කුමක්දැයි තීරණය වන්නේ මුලින්ම කරන ගණනය කිරීම් අනුව බවත්, මෙවර ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිවීම නිසා ගණනය කිරීමේ කටයුත්තට ද යම් කාලයක් ගතවනු ඇති බව ඔහු කීවේය. සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබන 18වෙනි දා දහවල්වන විට ලබා දීමට හැකිවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 12 =