සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 02 වනදා ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 4987 කදී විභාග අපේක්ෂකයින් හත් ලක්ෂ 17,008 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇත.

අයදුම්කරුවන් විභාගයට පෙනී සිටීමේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශපත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුයි.

විධිමත් අනන්‍යතා පත්‍රයක් නොමැති නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් ඡායාරූපයද සහිතව පෞද්ගලික තොරතුරු ඇතුළත් කර නිකුත් කරනු ලබන සහතික කළ ලිපියද පිළිගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *