ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට 07වැනි විධායක ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (15) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව වේ.

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

අපේක්ෂකයින් 35 දෙනෙකු තරඟ වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට පෙරවරු 7 ට ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇති අතර හෙට පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ පෙරහුරුවක් සෑම ඡන්ද මාධ්‍යස්ථානයකම අද පැවැත්වේ.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *