ලබන වසරේ සිට ජල බිල්පත කාඩ්පතෙන් ගෙවීමට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – ලබන ජනවාරි මාසයේ සිට මනු කියවන්නන් විසින් ජල බිල්පත් ලබාදෙන අවස්ථාවේදීම පාරිභෝගිකයාට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ බිල් කිරීමේ අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ මහතා සඳහන් කළේ බිල්පත් නොගෙවීම නිසා ජලය කප්පාදු කරන අවස්ථාවකදී වූවද, පාරිභෝගිකයාට එම මොහොතේම ගෙවීම් කිරීමේ පහසුව මේ යටතේ සැලසෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *