ගෝඨාභය පෙරමුණ ගනියි

(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ.

ඒ 4,315,506 ක සමස්ත ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමිනි.

මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50.46% කි.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 3,728,785 ක් වන අතර එය මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් 43.60% ක් ලෙසින් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *